ඉන්දීය හමුදාපති දිවයිනට පැමිණෙයි

Date:

ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා දිවයිනට පැමිණ තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (06) රාත්‍රියේ මෙරටට පැමිණ ඒ මහතා, ශ්‍රී ලංකා යුද හමුදාපති, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නායකයින් රැසක් හමුවීමට නියමිතයි.

එහිදී පුහුණු සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

එමෙන්ම මෙම සංචාරය අතරතුර දී ඉන්දීය හමුදාපතිවරයා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) නිලධාරීන් හමුවීමටත්, බුත්තල හමුදා යුද විද්‍යාලයේ නිලධාරීන් සහ පුහුණුවන්නන් හමුවීමටද නියමිතව ඇත.

තවද කොළඹ පිහිටි ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකයට උපහාර දැක්වීමටද ඉන්දීය යුද හමුදාපතිවරයා සැලසුම්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...