ලොව වැඩිම ගුවන් සේවාලාභීන් සිටින රට බවට චීනය පත් වෙයි

Date:

චීනය ලොව වැඩිම ගුවන් සේවාලාභීන් සංඛ්‍යාව හිමි රට බවට පත්ව ඇති බව චීන ජාතික සිවිල් ගුවන් සේවා මහා පරිපාලනය අද (06) නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

එම ප්‍රකාශය අනුව, 2025 වසර තුළ චීනයේ ගුවන් සේවා භාවිතා කළ මගීන්ගේ සංඛ්‍යාව කෝටි 50 ඉක්මවා ගොස් ඇති බවත්, එය ලෝකයේ ඉහළම ගුවන් මගී සංඛ්‍යාව ලෙස වාර්තා වේ.

2025 වසරේදී චීන සිවිල් ගුවන් සේවා අංශය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශාල අවධානයක් යොමු කර ඇති අතර, එම අරමුණ සඳහා චීන යුවාන් බිලියන 120ක වටිනාකමින් යුත් ස්ථාවර වත්කම් ආයෝජන සිදු කර ඇත.

එසේම, වසර තුළ දේශීය ආර්ථිකයේ පැවති වර්ධනයත් සමඟ, චීන සිවිල් ගුවන් සේවා අංශය චීන යුවාන් බිලියන 6.5ක ලාභයක් අත්කර ගැනීමට සමත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...