කතරගම දේවාලයෙන් මහරගම අපේක්ෂා රෝහලට නව මුළුතැන්ගෙයක්

Date:

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන්ගෙන් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන පඳුරු මුදල් සහ ආධාර වලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉඳි කළ නව මුළුතැන්ගේ කාමරය (06) වෙනිදා විවෘත කෙරිණි.

රෝහලේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන්ගේ ආහාර අවශ්‍යතාව පෝෂදායිව නොමිලේ සපයා දීම පිණිස රජයේ රෝහලක ඉඳිකළ ප්‍රථම නවීන මුළුතැන් කාමරය මෙයයි.

පසුගිය වසරේ ආරම්භ කළ මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 40 වැයකර ඇති අතර ඊට ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වය ලැබී ඇත.

විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස,රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ තිළිණ මධුසංඛ අබේරත්න,කතරගම මහා දේවාලයේ හිටපු බස් නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර,රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයතිස්ස යන මහත්වරුන් ඇතුළු වෛද්‍යවරු සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...