රු. ලක්ෂ 2000කට අධික කුෂ් තොගයක් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

Date:

රුපියල් විසි කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු 12/29 දින උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන ඒවා ඉන්දියාවේ මුම්බායි නුවර වෙත ගෙනැවිත් , එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1185 දරන ගුවන් යානයෙන් 12/29 දින උදෑසන 07.50 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොවුන් අතරින් දෙදෙනෙකු කාන්තාවන් වන අතර බොරැල්ල සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියන් වේ. අනෙක් දෙදෙනා පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් දෙමටගොඩ සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඇසුරුම් 20 ක් තුළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20 යි ග්‍රෑම් 684 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි’ කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ තොරතුරක් මත නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

මෙම ගුවන් මගීන් සිව් දෙනා සහ ඔවුන් රැගෙන ආ ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය 12/29 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...