ඉදිරි උත්සව සමය වෙනුවෙන් නගර හා ආගමික ස්ථාන මුල් කරගෙන විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.
අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ බස්නාහිර පළාතේ පමණක් විශේෂයෙන් අතිරේකව 2,500ක අතිරේක බලඇනියටක් මේ සඳහා යොදවා ඇති බවය.
“උත්සව සමය එළැඹීමත් සමඟම සෑම පොලිස් ස්ථානයකම පොලිස්පතිතුමා විසින් විශේෂ පණිවුඩයක් ලබා දුන්නා. නගරවල ආරක්ෂාව පූජනීය ස්ථානවල ආරක්ෂාව, ඒ වගේම සෙනග සහ මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල සාප්පු සංකීර්ණ වල ආරක්ෂාව තහවුරු කරන්නට. විශේෂයෙන් බස්නාහිර පළාතේ 2,500ක අතිරේක බලඇනියක් මේ සියලු කටයුතු සඳහා යොදවලා තියෙනවා. ඒ නිසා මහජනතාව විසින් තමන්ගේ රථය යතුරු පැදිය යම්කිසි ස්ථානයක ගාල් කරන්නේ නම් ඒ ගැන අවධාන යොමු කරන්න. රථයේ වටිනා දේපොළ හෝ මුදල් තබා නොයන්න. ඔබට යම්කිසි කෙනෙක් ගැන සැකයක් ඉස්මතු වන්නේ නම් ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට ඒ බව දැනුම් දෙන්න. මේ උත්සව සමයේ සිවිල් ඇඳුම් ඇදගත් පොලිස් නිලධාරීන් රාශියක් ඔබගේ සහායට සහ ආරක්ෂාවට ඉන්නවා. බුද්ධි නිලධාරීන් ඉන්නවා. ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව ඔබව ආරක්ෂා කිරීමට සූදානමින් සිටිනවා.”




