කඩුවෙල හා අතුරුගිරිය අධිවේගී මාර්ග හුවමාරු යළි විවෘත කෙරේ

Date:

ගංවතුර හේතුවෙන් වසා දමා තිබු දක්ෂිණ අධිවේගයේ කඩුවෙල අන්තර් හුවමාරු ඇතුළුවීමේ හා පිටවීමේ දොරටුව අතුරුගිරිය අනුපාලක ස්ථානයේ ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු ද අද (03) වනවිට විවෘත කර ඇතැයි පොලීසිය නිවේදනය කරයි.

ඒ අනුව ප්‍රධාන මාර්ග 5ක් යළි විවෘත කළ ප්‍රධාන මාර්ග අතර වේ.

A-004 – කොළඹ – රත්නපුර – වැල්ලවාය – මඩකලපුව මාර්ගය

A-026 – මහනුවර – මහියංගනය – පදියතලාව මාර්ගය

AA-006 – අබේපුස්ස – කුරුණෑගල – ත්‍රිකුණාමලය මාර්ගය

AA-010 – කටුගස්තොට – කුරුණෑගල – පුත්තලම මාර්ගය

AA- 003 පෑලියගොඩ – පුත්තලම මාර්ගය ඇතුළු තවත් ප්‍රධාන ගණනාවක් මේ අතරට ඇතුළත් වේ.

මේ වනවිටත් ආපදා තත්ත්වය සමඟ නඩත්තු හා අලුත්වැඩියා කටයුතු වේගවත් කිරීම, මාර්ග ආරක්ෂාව සහ ජනතාවගේ දෛනික කටයුතු පහසු කරගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු කණ්ඩායම් හා කේෂ්ත්‍ර කාර්ය මණ්ඩල අඛණ්ඩව දිවා රාත්‍රී නොබලමින් කටයුතු කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...