ජලාශ දෙකක වාන් දොරටු විවෘත කරයි

Date:

පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාන් දොරටු 2ක අඩිය බැගින් විවෘත කර ඇති බවය.

එම වාන් දොරටුවලින් තත්පරයට ඝන අඩි 1,400ක මුළු ජල ප්‍රමාණයක් මුදා හැරේ.

මේ අතර පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හයක් අද අලුයම සිට විවෘත කිරීමට පියවර ගත් බව පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පැවසීය.

එම වාන් දොරටු අඟල් 18 බැගින් විවෘත කර ඇති බවත් ඉන් තත්පරයට ඝන අඩි 9,000ක මුළු ජල ප්‍රමාණයක් ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන බවත් වාර්තා වෙයි.

පොල්ගොල්ල මහවැලි වේල්ලෙන් පහළ ජනතාව මහවැලි ගඟ පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙස පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...