ජපානයේ කියුෂුහි ගිනි කන්ද පුපුරා යයි

Date:

ජපානයේ ප්‍රධාන බටහිර දූපතක් වන කියුෂුහි ගිනි කන්ද අද කිහිප වතාවක් පුපුරා ගොස් තිබේ.

එමඟින් කිලෝමීටර් 4.4 ක් ක් පමණ උසට දුමාරයක් සහ අළු වායුගොලයට නිකුත් වී ඇති බව වාර්තා වේ.

කගෝෂිමා නගරය අසල කියුෂු හි දකුණු කෙළවරේ පිහිටා ඇති සකුරාජිමා ලෙස හඳුන්වන මෙම ගිනි කන්ද අලුයම 12.57 ට පමණ පුපුරා ගොස් ඇති අතර ඊට පසුවද අලුයම 2:30 ට සහ පෙ.ව. 8:50 ට පමණ තවත් පිපිරීම් දෙකක් සිදුව ඇති බවද වාර්තා වේ.

පසුගිය වසරේ ඔක්තෝබර් 18 දිනෙන් පසු එනම් මාස 13 කට ආසන්න කාලයක් තුළ කිලෝමීටර 4 ක් හෝ ඊට වැඩි උසකට ළඟා වූ පළමු පිපිරීම මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අළු වැස්ස සහ ඒ ආශ්‍රිත හේතූන් මත කගෝෂිමා ගුවන් තොටුපළට සහ ඉන් පිටතට ගුවන් ගමන් 30 ක් අවලංගු කර ඇති බව විදෙස් ප්‍රාදේශීය මාධ්‍ය ද වාර්තා කරයි.

සකුරාජිමා යනු ජපානයේ වඩාත් ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකක් වන අතර විවිධ මට්ටම්වල පිපිරීම් නිතිපතා සිදු වේ.

2019 දී එය කිලෝමීටර 5.5 (සැතපුම් 3.4) ක් තරම් ඉහළට අළු විසිකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...