ජපානයේ කියුෂුහි ගිනි කන්ද පුපුරා යයි

Date:

ජපානයේ ප්‍රධාන බටහිර දූපතක් වන කියුෂුහි ගිනි කන්ද අද කිහිප වතාවක් පුපුරා ගොස් තිබේ.

එමඟින් කිලෝමීටර් 4.4 ක් ක් පමණ උසට දුමාරයක් සහ අළු වායුගොලයට නිකුත් වී ඇති බව වාර්තා වේ.

කගෝෂිමා නගරය අසල කියුෂු හි දකුණු කෙළවරේ පිහිටා ඇති සකුරාජිමා ලෙස හඳුන්වන මෙම ගිනි කන්ද අලුයම 12.57 ට පමණ පුපුරා ගොස් ඇති අතර ඊට පසුවද අලුයම 2:30 ට සහ පෙ.ව. 8:50 ට පමණ තවත් පිපිරීම් දෙකක් සිදුව ඇති බවද වාර්තා වේ.

පසුගිය වසරේ ඔක්තෝබර් 18 දිනෙන් පසු එනම් මාස 13 කට ආසන්න කාලයක් තුළ කිලෝමීටර 4 ක් හෝ ඊට වැඩි උසකට ළඟා වූ පළමු පිපිරීම මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අළු වැස්ස සහ ඒ ආශ්‍රිත හේතූන් මත කගෝෂිමා ගුවන් තොටුපළට සහ ඉන් පිටතට ගුවන් ගමන් 30 ක් අවලංගු කර ඇති බව විදෙස් ප්‍රාදේශීය මාධ්‍ය ද වාර්තා කරයි.

සකුරාජිමා යනු ජපානයේ වඩාත් ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකක් වන අතර විවිධ මට්ටම්වල පිපිරීම් නිතිපතා සිදු වේ.

2019 දී එය කිලෝමීටර 5.5 (සැතපුම් 3.4) ක් තරම් ඉහළට අළු විසිකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...