ඉන්දියාවේ අන්තවාදී ප්‍රහාර මාලාවක් ගැන අනාවරණ වෙයි

Date:

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ස්ථාන හයක් ඉලක්ක කර සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සම්බන්ධව තොරතුරු අනාවරණ වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන 17 වැනි සියවසට අයත් රතු බලකොටුව ආසන්නයේ පසුගිය දහවන දා පස්වරුවේදී සිදු වූ ප්‍රබල පිපිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මඟින් මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධව තොරතුරු අනාවරණ වී ඇත.

1992 වසරේ දී ඇතිවූ ආගමික කැරැල්ලක් අතරතුර අයෝධ්‍යා හි ඉදිකර තිබූ බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ සංවත්සරය එළැඹෙන දෙසැම්බර් හයවැනි දිනට යෙදී ඇත.

ඊට සමගාමීව බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ පළිගැනීමක් ලෙස නවදිල්ලි අගනුවර ස්ථාන හයකදී මෙම පිපිරීම් සිදුකිරීමේ සැලසුමක් තිබී ඇති බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම මඟින් ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

මෙම සැලසුම සකස්කර ඇත්තේ ‘ජයිෂ් ඊ මොහම්මද්’ නම් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ අතර දිල්ලි නගරයේ සිදුවූ ප්‍රහාරය ජාතික විරෝධී බලවේගය දියත් කළ ‘ත්‍රස්ත ක්‍රියාකාරකමක්’ බවට කැබිනට් මණ්ඩලය ඊයේ (12) පළමුවරට නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ප්‍රහාරයෙන් පසු ගතවූ දින තුනක කාලය තුළ ඉන්දීය පොලීසිය කාශ්මීරයේ සිදුකළ වැටලීම්වලින් 500කට ආසන්න පිරිසක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...