රජයට විරෝධය දැක්වමින් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය වැසෙයි

Date:

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය (10) දින වසා තබමින් රජයට සිය විරෝධය දැක්වීමට ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් සහ නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් පියවර ගෙන ඇත.

දේශීය වෙළදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බීලූණු සහ අර්තාපල් ආනයනය කර ඇති බවත්, ඒ සදහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරිමේ හේතුව මත දේශීය අර්තාපල් සහ බී ලූණු ගොවින්ට නිශ්පාදන වියදමවත් ආවරණය වන පරිදි අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි බවයි වෙළදසැල් වසා දමමින් විරෝධතාවය දක්වන ව්‍යාපාරිකයන් සහ නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් කියා සිටියේ.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග කිසිවක් කොළඹ ඇතුලු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය නොකල බවත්, නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් (10) දින දෛනික කටයුතු වලින් ඉවත් වි සිටින බවයි එම ව්‍යාපාරිකයන් කියා සිටියේ.

පවත්නා තත්වය මත නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...