රත්‍රං කිලෝ 4ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට

Date:

නාවික හමුදාව කල්පිටිය කලපුවේ අරිච්චල් මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්‍රං කිලෝ 4.454 සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (01දා) නාවික හමුදා භාරයට ගැනීමට ගැණින.

වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව, නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය කලපුවේ කළ සෝදිසි මෙහෙයුමේදි, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කෙරිණි.

එහිදි, එම ඩිංගි යාත්‍රාවේ ධීවර දැලක අමුණා තිබූ සැකකටයුතු ඊයම් බරු දහතුනක් නිරීක්‍ෂණය කර, සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී, ඊයම් බරු ලෙස සූක්‍ෂම ලෙස සකස් කර සඟවා, නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට උත්සහ කල රත්‍රං තොගය සමඟ සැකකරුවන් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

සැකකරුවන්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාවන්තිස්සට ප්‍රතිකාර කල වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වෙයි

වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන්...

කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27%...

උල්කාපාත වර්ෂාව මෙවරත්

''ඔරියෝනිඩ්ස්''උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද රාත්‍රී අහසේ...

ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කරයි

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ...