විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට සුපිරි ජයක්

Date:

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවති තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව කඩුලු 09ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.මෙම ජයත් සමග ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ඉන්දියාවට හැකිවිය.ඩුබායි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 13.1කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 57ක් පමණි.

ප්‍රතිවාදීන්ගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් බොඳකර දැමූ කුල්දීප් යාදව් පන්දුවාර 2.1කදී ලකුණු 7කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.ඊට අමතරව ශිවාම් දූබේ කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් පන්දුවාර 2ක් පමණක් යොමුකළ ඔහු ලබාදුන්නේ ලකුණු 4ක් පමණි.එක්සත් අරාබි ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය වූ අලිශාන් ශරෆු (22) හා නායක මොහොමඩ් වසිම් (19) පළමු කඩුල්ලට ලකුණු 26ක සබඳතාවක් ගොඩනැගුවද, එම සබඳතාව බිඳවැටීමෙන් අනතුරුව ලකුණු 31ක් තුළ ඉතිරි කඩුලු සියල්ල බිඳවැටුණි.එහිදී සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 3 සීමාව හෝ පසුකිරීමට නොහැකි විය.

ඒ අනුව ලකුණු 58ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම තරගයේ 5(4.3)වන පන්දුවාරයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී පසුකර ගියේය.එහිදී අනුකම්පා විරහිත ඉනිම් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු යුගලයෙන් අභිෂේක් ශර්මා පන්දු 16කින් ලකුණු 30ක් රැස්කළේය. එම ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් ඇතුළත් විය.ඊට අමතරව ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 20ක් රැස්කළ අතර, ඒ වෙනුවෙන් ඔහු මුහුණදුන්නේ පන්දු 09කට පමණි. ගිල්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 2කින් වර්ණවත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...