ඊශ්‍රායලයේ රැකියා සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව

Date:

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව, සිව්වන අදියර යටතේ රැකියා සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව, www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ රැකියා සඳහා ලියාපදිංචි විය හැකි අතර, ඒ සඳහා සැප්තැම්බර් 14 වැනිදා දක්වා වෙබ් අඩවිය විවෘතව තබන බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.

ප්‍රතිසංස්කරණ ශිල්පීන් (විදුලි පේනු සවි කිරීම, බිත්ති බැඳීම, පොටි ඇදීම, පාටිෂන්), සෙරමික් ටයිල් අතුරන්නන් සහ කපරාරු යන රැකියා සඳහා අයදුම් කළ හැකි අතර, මේ යටතේ අයදුම්කරුවන් 1,500ක් බඳවා ගැනීමට නියමිත බවත්, තෝරාගන්නා පුද්ගලයන්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමි වන බවත් සඳහන්.

වයස අවුරුදු 25 – 45 අතර, මීට පෙර ඊශ්‍රායලයේ සේවය කර නොමැති, අවම වශයෙන් 10 වැනි ශ්‍රේණිය සමත් පුද්ගලයන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, තෝරාගන්නා රැකියා කාණ්ඩය සඳහා මනා දක්ෂතාවක් සහ පළපුරුද්දක් තිබිය යුතු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...