ප්‍රතිජීවක ඖෂධ නිසා රෝගී වීමේ අවධානම ඉහළට.

Date:

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හෝ ජාතික ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා රෝහල් පද්ධතිය තුළ මෙන්ම පෞද්ගලික අංශයේ ද රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සම්බන්ධ නියාමනයක් නොමැති වීමෙන් දිවයින පුරා රෝගීන් රැසක් ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධයන්ට ගොදුර වීමේ අවධානම ඉහළ යමින් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

සෑම වසරකම ප්‍රතිජීවක ඖෂධවලට දක්වන ප්‍රතිරෝධය නිසා අවම වශයෙන් ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් ලොව පුරා මරණයට පත්වන අතර මෙම සංඛ්‍යාව ඉදිරියේදී ලක්ෂ සිය දක්වා ඉහළ යා හැකි බව ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යා පර්යේෂණ පෙන්වා දෙන බවද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ මෙම තත්ත්වය නිසි පරදි සංඛ්‍යා ලේඛනාත්මකව අධ්‍යනය කොට නොමැති නමුත් ප්‍රතිජීවක ඖෂධ වලට නිසි පරිදි ප්‍රතිචාර නොදැක්වීම නිසා මරණ සිදුවන බවට සායනික අත්දැකීම් ඉහළ යමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරන බවද ඔහු පෙන්වා දෙයි.

ප්‍රතිජීවක ඖෂධ නිකුත් කිරීමේ නියාමනයක් නොමැතිවීම නිසා ඉතා සුළු රෝගී තත්ත්වයන්ට පවා ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල උනන්දුවක් දක්වන අතර මේ තත්ත්වය මත රෝගී තත්ත්ව උත්සන්න වී දැඩිසත්කාර ඒකකවලට ඇතුළත් කරන රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේදී විශේෂඥ වෛද්‍යවරුන් දැඩි දුෂ්කරතාවයන් ට ලක්වන බවද ඔහු පෙන්වා දෙයි.

ජාතික ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය පවතින නමුත් ඒ සඳහා වෛද්‍යවරුන්ගේ පාර්ශවයෙන්ම සාධනීය සාර්ථක සහයෝගයක් නොලැබීම මෙම ගැටළුවට ප්‍රධාන හේතුවක් බවද ඔහු පෙන්වා දෙයි.

පසුගිය වසර හතළිහක ආසන්න කාලයක් මුළුල්ලේ අලුතින් කිසිදු ප්‍රතිජීවක ඖෂධයක් නිෂ්පාදනය කිරීමට ලොව කිසිදු රටක් සමත්ව නැති නිසා ඉදිරියේදී වැළඳෙන භයානක රෝගී තත්ත්වවලදී මිනිස් ජීවිත වසංගත තත්වයක් යහ විනාශ වී යාමට වැඩ ඉඩක් පවතින බවද ඔහු පෙන්වා දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...