සම්පත් මනම්පේරි රහස් සියල්ල හෙළිකරයි.

Date:

සම්පත් මනම්පේරි දින 90ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා අවසර ලබාදී තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන් අතර මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු නියෝග කළේ, රැදවුම් කාලය අවසන් වීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කළේ,

“ස්වාමීනි.. බැකෝ සමන් යන අයගෙන් නවවැනි මාසයේ (21) වැනිදා නැවත ප්‍රකාශ සටහන් කරගැනීමක් සිදු කළා. එහිදී ගිනි අවියක් සම්බන්ධව තොරතුරු අනාවරණයක් වුණා.

ඒ අනුව මේ සැකකරු සමගම විමර්ශන නිලධාරීන් පැමිණ ජීව අත්බෝම්බයක්, T 56 ගිනි අවියක්, T 56 ගිනි අවි ජීව උණ්ඩ 115ක්, පිස්තෝලයක් සොයා ගන්නවා. මේ වනවිට තවත් ආයුධ, ගිනි අවි ගණනාවක් සඟවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒවා සොයාගත යුතුයි. එමනිසා ස්වාමීනි මෙම සැකකරු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ භාරයට ගැනීමට කටයුතු කරනවා.

ඉන් අනතුරුව අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට කටයුතු කරනවා. මෙම සැකකරු සම්බන්ධව සිදු කරන සියලු විමර්ශන අදාළ මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන්න කටයුතු කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...