තංගල්ල, සීනිමෝදර හෙරොයින් , අයිස්,ගිනි අවි තොග පිටින් සොයා ගැනේ.

Date:

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙන අතරම තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුව තිබේ.

පොලීසිය පැවසුවේ සිදුකළ විමර්ශනයේදී එම නිවස අසල පිහිටි ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් ද පොලීසිය විසින් සොයාගත් බවය. මේ අතර එම නිවසේ සිටි තවත් අයෙක් හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් තංගල්ල මහ රෝහලට ඇතුළව ඇති අතර එහිදී ඔහුද ජීවිතක්ෂයට පත්ව තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබියදී තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී T 56 ගිනි අවියක් සහ නවීන ගිනිඅවි 04ක් සොයාගෙන ඇත.කොමඩු ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථයේ සකසන ලද විශේෂ කුටියක සඟවා මෙම මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ප්‍රවාහනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය පිළිබඳව මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ රස පරීක්ෂකවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂණය සිදුකරමින් පවතින බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...