ජනාධිපති අනුරගේ නිව්යෝර්ක් පොරොන්දුව.

Date:

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්ව සිටින ජනාධිපතිවරයා ඊයේ (25) අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ නිව්යෝර්ක් හිදී ජන හමුවකට සහභාගී විය.

එම අවස්ථාවේදී ජන හමුව ඇමතූ ජනාධිපතිවරයා පැවසූවේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යාමට හැකිවනු ඇති බවයි.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, 2022 වසරේ දී නිල වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට වූ ශ්‍රී ලංකාව, අද එම අර්බුදය වේගයෙන් සමනය කරගත් රාජ්‍යයක් බවට පත්ව ඇති බවයි.

රටක් ආර්ථික අර්බුදයට ලක්වීමෙන් පසුව නැවත යථා ස්වරූපයට පත්වීමට දශකයක් ගතවන බව ලෝකය පිළිගන්නා තත්වයක් බව පෙන්වාදුන් ජනපතිවරයා නිවැරදී දිශාවට ආර්ථික මෙහෙයවීම තුළින් රට ඉතා කෙටි කාලයක් තුළ එම ඉලක්කය වෙත ලඟාවෙමින් පවතින බවයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ජනාධිපතිවරයෙන් ලබාගත් ජයග්‍රහණයට විශාල සහයෝගයක් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඉටුකළා. මූල්‍යමය ලෙස උදව් කළා. ඒ දායකත්වය ජයග්‍රහණ ලබාගන්න හේතු වුණා.

අපි 2019 මැතිවරණයේ දී 3%කට ආසන්න ඡන්ද ප්‍රතිඵලයක් හිමිව තිබූ ව්‍යපාරයක්. නමුත් 2024 ජනාධිපතිවරණයේදීත්, පසුව පැවති මහ මැතිවරණයේදීත් ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිකරගනිමින් ජයග්‍රහණය කරන්න ලැබුණා.

2022 අප්‍රේල් 12 වනදා එවක ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා අපි ණය ගෙවන්නේ නෑ. බංකොළොත් රාජ්‍යයක් බවට පත්වුණා කියලා. ඒ කාලයේ පාලන බලයට පත්වෙලා හිටිය පාලකයා ලංකාවේ පළමු වතාවට ජනතාව ගිහින් පළවා හැරියා.

අපට තිබුණා අභියෝගයන්ගෙන් එකක් ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සමනය කිරීම. අනෙක නැවත කිසි දිනක ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම. අවුරුද්දක් යටකොට අපේ රට ගිලී තිබුණ ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකට සමනය කරගන්න සමත් වුණා.

සියලු ජාත්‍යන්තර සංවිධාන, රේටිංග්ස් සමාගම්, ජාත්‍යන්තර මූල්‍ය සමාගම් මේ සියල්ල ඉදිරිපත්කළ වාර්තා තුළ තියෙන්නේ ශ්‍රී ලංකාව අර්බුදයකදී එය වේගයෙන් සමනය කරගත් රාජ්‍යයක් ලෙස.

ආර්ථික විශේෂඥයන් හදුන්වනවා මෙලෙස ආර්ථිකයක් කඩා වැටුණහම ඒ රටට අවුරුදු 10ක් යනවා යළි තිබුණු තත්ත්වයට එන්න. 2022 නම් කඩා රට වැටෙන්නේ, ඊට පෙර තිබුණ තත්ත්වය ඇතිවීමට 2032 වෙනවා.

හැබැයි අපි හිතනවා කඩාවැටීමට පෙර 2019 තිබුණ ආර්ථිකය අපට ලබන අවුරුද්දේ ලබාගන්න පුළුවන් කියලා” යනුවෙන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...