ශ්‍රී ලංකා ජනාධිපති සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර හමුවක්.

Date:

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවර එම මූලස්ථානයේදී (25) වෙනිදා පස්වරුවේ පැවැත්විණි.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයාව මහලේකම්වරයා විසින් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබිණි. අනතුරුව ඔවුහු සුහද කතාබහකටද එක් වූහ.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම සමාජයීය සහ දේශපාලනමය වශයෙන් ශ්‍රී ලංකාව නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් මේ වන විට රජය ක්‍රියාත්මක කරමින් ඇති වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය.

ශ්‍රී ලංකා රජයේ නව ප්‍රගතිශීලි වැඩපිළිවෙළ මෙහිදී අගය කළ මහලේකම්වරයා, ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙනී සිටින බවත්, ඊට පූර්ණ සහයෝගය පළ කරන බවත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...

බද්ධ නිවුන් දියණියන් දෙදෙනා සාර්ථකව වෙන් කල ඓතිහාසික ශල්‍යකර්මයක්

මෙරට සෞඛ්‍ය සේවාව සතු විශේෂඥ දැනුම, අතිනවීන වෛද්‍ය තාක්ෂණය,...

උප දුම්රිය ස්ථාන දෙකක් තාවකාලිකව වැසෙයි

පුත්තලම් මාර්ගයේ බංගදෙණිය හා මුන්දල් දුම්රිය ස්ථාන අතර පිහිටි...