ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ගැලපෙන්නේ නෑ.

Date:

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් නිකුත්කළ 2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු බවක් පෙනෙන්නට තිබුණද විශේෂයෙන් තහවුරු වූ වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම සිදුකරගෙන යන බවය.

2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශනයක් නිකුත්කර තිබේ.

එහි දැක්වෙන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කරමින් ආයෝජකයින්ට සහතිකයක් ලබාදුන්නද ඔවුන්ගේ අතීතයේ සිට පැවත එන බටහිර විරෝධී, මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද හේතුවෙන් ආයෝජකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත බවකින් පසුවන බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව සඳහන් කරන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, මෙරට ආයෝජන මණ්ඩලය ප්‍රධාන ආයෝජන නියෝජිත ආයතනය වුවත් ඔවුන් සමග ස්ථාවර සහ විවෘත සංවාදයක් පවත්වා ගැනීම අභියෝගයක් වී ඇති බව සඳහන්ය.

අනවශ්‍ය නියාමනයන් නෛතික අවිනිශ්චිතභාවය සහ නිලධාරීන්ගේ ප්‍රතිචාර දැක්වීමේ දුර්වලතාවයන්ද දක්නට ලැබෙන බව අදාළ වාර්තාවේ දැක්වෙයි.

ඉන්දියාවේ අදානි සමාගම මෙරට උතුරු පළාතේ ඩොලර් මිලියන 400ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත්වු අතර ඊට හේතුව ලෙස කළින් ප්‍රදානය කළ කොන්ත්‍රාත්තුවක් නැවත සාකච්ඡා කිරීමට වත්මන් රජය උත්සාහ දැරීම ලෙස සඳහන් කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්ය.

එමෙන්ම වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිතිපතා පෞද්ගලික අංශය ප්‍රමුඛ ආර්ථිකය විවේචනය කරන අතර රාජ්‍ය අයිතිය සහිත සාමූහිකත්වය රටේ ප්‍රියතම ආයෝජන ආකෘතිය ලෙස ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කරන බවද මෙහි සඳහන්ය.

2025 අයවැය මගින් සේවා අපනයන සමාගම් සඳහා වූ බදු නිදහස් කිරීම් සහ විදේශ ආදායම් මූලාශ්‍ර සඳහා වූ බදු නිදහස් කිරීම් ඉවත්කිරීමට යෝජනා කිරීම, කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සඳහා ලබාදී ඇති පුළුල් බදු නිදහස් කිරීම්වලට වඩා ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් බවද එහි සඳහන් තවත් කරුණකි.

නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු බවක් පෙනෙන්නට තිබුණද විශේෂයෙන් තහවුරු වූ වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම සිදුකරගෙන යන බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රකාශනයේ වැඩිදුරටත් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...