විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජය බංග්ලාදේශයට.

Date:

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තරගයේදී බංග්ලාදේශය ශ්‍රී ලංකාව කඩුලු 4 කින් පරාජය කළේය. ශ්‍රී ලංකාව නියමිත ඕවර 20 න් 7 ට ලකුණු 168 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටපු නායක දසුන් ශානක පන්දු 37 කදී නොදැවී ලකුණු 64 ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් සහ හයේ පහර 6 ක් ඇතුළත් විය. කුසල් මෙන්ඩිස් පන්දු 25 කදී වේගවත් ලකුණු 34 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී මුස්ටෆිසුර් ලකුණු 20 ට කඩුලු 3 ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිමේදී බංග්ලාදේශය පන්දු 45 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 169 ක් ලබා ගත්තේය.

ආරම්භක පිතිකරු සයිෆ් හසන් පන්දු 45 කදී ලකුණු 61 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟිනි. තව්හිඩ් හ්‍රිඩෝයි පන්දු 37 කදී ලකුණු 58 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 21 ට කඩුලු 2 ක් ද වනිදු හසරංග ලකුණු 22 ට කඩුලු 2 ක් දවා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...