විදුලියේ වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිවෙයි.

Date:

පසුගිය 4 වනදායින් ආරම්භ කළ වර්ජනය සදහා අදට දින 11ක් ගතවුවද මෙතෙක් බලධාරීන් සිය ගැටලුවලට විසදුම් ලබා දීම වෙනුවෙන් සාකච්ඡාවක් හෝ ලබා දීමට අපොහොසත් වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළේය.

ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි.

පසුගිය සතියේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදියර තුනක් ලෙස සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු අනෙකුත් සංගම් තීරණය කර තිබුණේය.ඒ අනුව එහි පළමු අදියර ලෙස අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබීය.

එම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන වෘත්තීය සංගම් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශ කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රත්තරන් කරඬුවක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින...

Apple සමාගම සුවිශේෂී නම්‍යශීලී දුරකථනයක් හඳුන්වා දෙයි

Apple සමාගම විසින් iPhone 18 මාලාවේ තවත් සුවිශේෂී නිෂ්පාදනයක්...

ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය...

විදෙස්ගත ලාංකිකයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මාස තුනක මෙරට රැඳී සිටීමේ සීමාවක්

රියැදුරු බලපත්‍ර ඉල්ලුම් කරන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට එම බලපත්‍ර...