මහේස්ත්‍රාත්වරු ඇතුළු නිලධාරින් 106කට ස්ථාන මාරු..

Date:

සැප්තැම්බර් මස (15) වන දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මහෙස්ත්‍රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත.මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහර මහේස්ත්‍රාත් අධිකරණයටත්, මහර මහේස්ත්‍රාත් එච්.ජි.ජේ.ආර්. පෙරේරා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත මාරු කර ඇති බව වාර්තා වේ.

කොළඹ අතිරේක ම‌හෙස්ත්‍රාත් පි.එස්. පතිරණ බලපිටිය මහේස්ත්‍රාත්වරයා ලෙසත්, බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී.ජනක කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ලෙස මාරු කර යවා ඇත.ගාල්ල මහෙස්ත්‍රාත් අයි.එන් එන් කුමාර ගමගේ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙසත් කුරුණෑගල මහේස්ත්‍රාත් එන්.ඩී. ගුණරත්න, ගම්පහ අතිරේක දිසා විනිසුරුවරයා ලෙසත් මාරු කර යවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...