සියලුම සිසුන්ට සියලු ආගම් පිළිබඳ දැනුම ලබා දෙනවා. -අගමැතිනිය-

Date:

වත්මන් රජය පාසල්වල ආගමික අධ්‍යාපනය හෝ සෞන්දර්ය විෂයයන් අඩු කිරීමට කිසිදු අදහසක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව 2026 වසරේ සිට හය ශ්‍රේණියේ පළමු පාඩම යටතේ සියලුම සිසුන්ට සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් ලබාදෙන බවත්, ඉන් අනතුරුව සිසුන් තම තමන්ගේ ආගම පිළිබඳ අධ්‍යයන කටයුතු කරගෙන යන බවත් ආගම සහ වටිනාකම් අංශයේ අධ්‍යක්ෂවරයා මෙහිදී පැහැදිලි කළේය.

එමෙන්ම, පාසල්වල බුද්ධාගම විෂයය සඳහා ගුරු පුරප්පාඩු පිළිබඳවද සාකච්ඡා විය. අමාත්‍ය අමරසූරිය මහත්මිය සඳහන් කළේ, මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා මේ වන විටත් සියලු පළාත්වලින් ගුරුවරුන් පිළිබඳ තොරතුරු රැස්කරමින් පවතින බවයි.

විධිමත් බඳවා ගැනීමේ හා පත් කිරීමේ සැලැස්මක් ඔස්සේ ගුරුවරුන්ගේ පුරප්පාඩු සමබරව පිරවීම සඳහා පියවර ගනිමින් සිටින බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...