සමාජ මාධ්‍ය පාලනයට පියවර.

Date:

සමාජ මාධ්‍ය වේදිකාවල පළවන වෛරී කතා සම්බන්ධයෙන් 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ හයවෙනි වගන්තිය ප්‍රකාරව කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාවේ වාර්ගික කලබල හා කෝලා ඇති කරන අන්තර්ගතයන් සම්බන්ධයෙන් ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 126 වගන්තිය ප්‍රකාරව කටයුතු කිරීම නියමිත බව ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

2024 අංක 24 දරණ මාර්ගත ක්‍රමවල සුරක්ෂිත ප්‍රතිපාදන සංශෝධනය කිරීම සඳහා, මහජන ආරක්‍ෂක අමාත්‍යංශය, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය, අධිකරණ හා ජාතික ආරක්ෂක අමාත්‍යංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව කටයුතු කිරීමට නියම වී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගින් සුදුසු සංශෝධන කිරීමට නිර්දේශ ලබා ගැනීමට අනුමැති ලැබී ඇත. මෙම කමිටුවට ඉහත අමාත්‍යාංශ තුනට අමතරව, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක කටයුතු අමාත්‍යාංශය, නීති කෙටුම්පත් සම්පාදක, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රී ලංකා පොලීසියේ නියෝජිතයන් ද ඇතුළත් වේ.

මේ වනවිට මහජන අදහස් විමසීමට ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය සහ ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය (CERT) මේ සම්බන්ධව කටයුතු සිදු කරනු ලබයි.

අදාළ සමාජ මාධ්‍ය සමාගම් මෙන්ම අනිකුත් ආයතන මගින් ද තොරතුරු ඉල්ලුම් කිරීම සිදු කරනු ලබන අතර, හානිකර අන්තර්ගතයන් බෙදාහැරීම වැලැක්වීම සඳහා Meta, TikTok, Telegram වැනි සමාජ මාධ්‍ය ආයතන දැනුවත් කිරීම සිදු කරන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලබන වෛරී කතා පැතිරවීම, වාර්ගික උසිගැන්වීම් සිදු කිරීම හා කෝලකාරී ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුම් කිරීමට ශ්‍රී ලංකාව සඳහා සම්බන්ධතා ද්වාරයක් ලබා දී ඇති අතර, එම ආයතන දැනුවත් කර අදාළ පළකිරීම් ඉවත් කිරීමට කටයුතු කරනු ලබයි.

මීට අමතරව, අයිපී ලිපින සම්බන්ධයෙන් අන්තර්ජාල සේවා සපයන්නන්ගෙන් ග්‍රාහක තොරතුරු ලබා ගැනීමට කටයුතු කරනු ලබන බවද පැවසීය. ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ළමා අපචාර සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන එම තොරතුරු අනුව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරමින් පවතින බව පෙන්වා දුන්නේය.

අපරාධ වරදක් උත්පන්න වන අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා පොලීසිය විසින් ඒ සම්බන්ධව කටයුතු කරන බවද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...