ශ්‍රී ලංකන් ගුවන් සේවය Axis Bank සමග එක් වේ.

Date:

ඉන්දියාව යනු ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධානතම වෙළඳපොළකි. එරට පාරිභෝගිකයන්ට වඩාත් සහදායී ගුවන් ගමන් ගාස්තු සහ විශිෂ්ට සේවාවක් සපයමින් ඔවුන් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම විටම කටයුතු කරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ විශාලතම පෞද්ගලික බැංකු අතරින් එකක් වන Axis Bank සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය.මෙම හවුල්කාරීත්වය යටතේ Axis Bank හි ගනුදෙනුකරුවන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය වෙතින් විශේෂ ගුවන් ගමන් ගාස්තු සහ වෙනත් දීමනා හිමි වේ.Axis Bank සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ඉන්දියානු ගුවන් මගීන් අතර පවතින මෙම සමීප සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරනු නිසැකය.

ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ විශාලතම පෞද්ගලික බැංකු අතරින් එකක් වන Axis Bank සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. Axis Bank යනු මිලියන 15 කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් සිටින දැවැන්ත බැංකුවකි. මෙම හවුල්කාරීත්වය යටතේ Axis Bank හි ගනුදෙනුකරුවන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය වෙතින් විශේෂ ගුවන් ගමන් ගාස්තු සහ වෙනත් දීමනා හිමි වේ.

ඉන්දියාව යනු ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධානතම වෙළඳපොළකි. එරට පාරිභෝගිකයන්ට වඩාත් සහදායී ගුවන් ගමන් ගාස්තු සහ විශිෂ්ට සේවාවක් සපයමින් ඔවුන් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම විටම කටයුතු කරයි. Axis Bank සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ඉන්දියානු ගුවන් මගීන් අතර පවතින මෙම සමීප සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරනු නිසැකය.

මෙම හවුල්කාරීත්වයෙහි ප්‍රථම අදියර යටතේ, Axis Bank හි ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවිය හරහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී ඔවුන්ට Business Class මෙන්ම Economy Class ආසන සඳහා 10% ක විශේෂ වට්ටමක් හිමි වේ. මෙම වට්ටම ඉන්දියාවේ සිට කොළඹ දක්වාත්, කොළඹ හරහා ඈත පෙරදිග හා මැදපෙරදිග සියලු රටවල් සහ මාලදිවයින මෙන්ම ෆ්‍රෑන්ක්ෆර්ට් සහ පැරිස් දක්වාත් ක්‍රියාත්මක වන සියලුම ශ්‍රීලංකන් ගුවන් ගමන් සඳහා අදාළ වේ.

මෙම හවුල්කාරීත්වය තුළින් ලැබෙන ප්‍රතිලාභ ගුවන් ටිකට්පත්වලට පමණක් සීමා නොවේ. මේ යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරමින් මෙල්බර්න් වෙත ගමන් කරන මගීන්ට අමතර කිලෝග්‍රෑම් 5 ක Check-in ගමන් මලු රැගෙන යාමට හැකි වන අතර, මෙමගින් ඔවුන්ට තම ගමනට වැදගත් වන දේවල් මෙන්ම තම ආදරණීයයන්ට තෑගිබෝගද වැඩි වැඩියෙන් රැගෙන යාමට හැකි වනු ඇත.

“Axis Bank සමග මෙබඳු හවුල්කාරීත්වයකට එළඹීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙමගින් එම බැංකුවේ ගනුදෙනුකරුවන්ට වටිනා ප්‍රතිලාභ රාශියක් හිමි වෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ පෞද්ගලික බැංකුවක් සමග අත්වැල් බැඳගත් ප්‍රථම අවස්ථාව මෙයයි. Axis Bank යනු ඉන්දියාවේ ප්‍රමුඛතම බැංකුවක්. ඒ වගේම ශ්‍රීලංකන් ගුවන් සේවය, ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවාවන් අතරින් එකක්. Axis Bank සහ අප මෙලෙස අත්වැල් බැඳගැනීම දෙපාර්ශ්වයේම ශක්තීන් එක්තැන් කරන සුවිශේෂී පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය සඳහා කලාපීය කළමනාකරු ෆව්සාන් ෆරීඩ් මහතා පැවසීය.

“අපගේ ගනුදෙනුකරුවන්ට ඉහළ ප්‍රතිලාභ හිමි වන ක්‍රමෝපායික හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීමට අප සෑම විටම උත්සාහ කරනවා. ශ්‍රීලංකන් ගුවන් සේවය සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය එම උත්සාහයේ තවත් වැදගත් පියවරක්. මෙමගින් අපගේ ගනුදෙනුකරුවන්ට ගුවන් ගමන් සම්බන්ධයෙන් ප්‍රතිලාභ රැසක් හිමි වෙනවා. සංචාරය හා ගමනාගමනය යනු අප කවදත් විශාල අවධානයක් යොමුකරන දෙයක්. ශ්‍රීලංකන් ගුවන් සේවය සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය නිසා අපගේ ගනුදෙනුකරුවන්ට තම සංචාරක හා ගමනාගමන කටයුතුවලදී වඩාත් විශිෂ්ට අත්දැකීමක් හිමි වේවි.” Axis Bank හි සභාපති සහ කාඩ්පත්, ගෙවීම් හා ධන කළමනාකරණ ප්‍රධානී අර්නිකා ඩික්සිත් මහත්මිය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...