රාජ්‍ය ආයතන 450ක් හදිසි පරීක්ෂාවක.

Date:

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් රාජ්‍ය ආයතන 450ක කාර්ය සාධනය පුළුල්ව පරීක්ෂා කිරීමට තීරණය කර ඇත.

එම රාජ්‍ය ආයතන 450ක විගණන වාර්තා වල නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ආකාරය සම්බන්ධයෙන් තොරතුරු විස්තරාත්මකව ලබා ගැනීම සඳහා ලිඛිත වාර්තා කැඳවීමට කෝප් කමිටුව කටයුතු කරමින් ඇත.

දූෂණ වංචා සහ අක්‍රමිකතා වැඩිම ආයතන විමර්ශන සඳහා තෝරාගැනීමට මේ ආකාරයට කටයුතු කරන බවත් දූෂණ වංචා සහ අක්‍රමිකතා වැඩි ආයතන වල ප්‍රධානීන් ඉතාම ඉක්මනින්ම කමිටුව හමුවට කැඳවා ඒවායේ දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කරයි.

ඒ අනුව සිදුකරන එම විමර්ශන වලදී පැහැදිලි වශයෙන්ම අනාවරණය වන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව අල්ලස් ‌හෝ දූෂණ ‌චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට පියවර ගන්නා බවද සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර...

වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි

2024 සැප්තැම්බර් 21 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ...

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...