රජයේ නිලධාරීන්ට අලුත් කැබ් රථ 2000ක්

Date:

නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරනු ලබන අයවැය සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයක් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එසේම ප්‍රාදේශීය සංවර්ධන වැඩ වලදී එනම් විශේෂයෙන් ක්ෂේත්‍ර නිලධාරීන්ට, රජයේ නිලධාරීන්ට අවශ්‍ය කරන යම් වාහන ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවද ඒ සඳහා කැබ් රථ 2000ක් අලුතෙන් මිලදීගත යුතුයි යන අදහසේ ආණ්ඩුව සිටින බවදෙ පැවසුවේය.ඉදිරිපත් කළ සමහර කැබිනට් පත්‍රිකාවල කොවිඩ් කාලයට පෙර ආරම්භ කර නතර කරන ලද ව්‍යාපෘති රාශියක් සම්බන්ධයෙන් සඳහන් වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා ඒවා ජනතාවගේ ජන ජීවිතයට සහ සංවර්ධනයට අදාළ බවද පෙන්වා දුන්නේය.

එම අත්‍යවශ්‍ය ව්‍යාපෘති හඳුනාගනිමින්, සමාලෝචනය කරමින් ඒවායෙහි දින, කාලවකවානු සහ අදාළ පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කරමින් අමාත්‍යංශ මට්ටමෙන් මුදල් අමාත්‍යංශයට කරුණු ඉදිරිපත් කළ බවද පැවසුවේය.ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට අමාත්‍යංශ සියල්ලම වගේ තමාගේ අයවැය පිළිබඳ යෝජනා ඉදිරිපත් කරලා තියෙන බවද ඊට අමතරව පළාත් සභා මට්ටමෙන් අයවැය යෝජනා ඉදිරිපත් වී ඇති බවද පැවසූ අමාත්‍යවරයා මේ සියල්ල සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශය විසින් අයවැය සකස් කරන බවද අවධාරණය කළේය.

ආර්ථිකයේ ස්ථාවරත්වය ජනතාවගේ ජීවිත වලට ගලාගෙන යාම සඳහා වන වැඩසටහන් රාශියක් අමාත්‍යංශ මගින් ඉල්ලුම් කර ඇතැයිද ඒවාට අදාල කරන ප්‍රතිපාදන අයවැයේදී වෙන්වනු ඇතැයිද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...