”පුද්ගලික න්‍යාය පත්‍රයන් වෙනුවෙන් ආගම භාවිතා නොකරන්න.”

Date:

1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතට අනුව වසර 10ක කාලයකට නිලවරණයක් මගින් දියවඩන නිලමේවරයා පත් කරගැනීම සිදු කෙරේ.සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරීත්වය හිමිවන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතරම ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ රටවල් තුළ දියඩවන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයකි.

තමන් සහයෝගය දක්වන අපේක්‍ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශ්ව මගින් සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණක් බව මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

“පුද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාලසීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදුකරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළාදකින බවත් එවැනි පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී දළදා මාළිගාවේ මෙන්ම දියඩවන නිලමේ ධුරය, බස්නායක නිලමේ ධුරය ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳි නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියලු අපේක්ෂකයින් අධිෂ්ඨාන කරගත යුතු බවත් අවධාරණය කර සිටිමු.” මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...