”දියණියගේ උත්සවෙ සල්ලි බැංකු පොතේ තියෙන්නෙ.” -නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ-

Date:

සිය බැංකු පොතේ ඇත්තේ පසුගිය ජනවාරියේ පැවති සිය කුඩා දියණියගේ උත්සව අවස්ථාවක ජනතාවගෙන් ලැබුණු මුදල් බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

“ජනවාරි පළවෙනිදා මගේ නවය වසරේ ඉගෙන ගන්න දුවගේ උත්සවයක් තිබුණා. ඒ උත්සවයට ජනතාව දුන් මුදල් මම සටහන් කරලා තියෙනවා. ලක්ෂ ගාණක් හම්බ වෙලා තියෙන්නේ එහෙමයි. ඒ දරුවාගේ මුදල් ටික තමයි, මම බැංකුවේ දැම්මේ. ඒවා හම්බ වුණ ලියුම් කවර ටිකත් තවම මා ළඟ තියෙනවා.

අනික් පැත්තට අපිත් මේ හිඟන මිනිස්සුම නෙමෙයි. මම මේ ව්‍යාපාරයට එන්න කලින් උපාධියක් අරන් රජයේ ගුරුවරයෙක් විදිහටත් වැඩ කළා.

ඒ කාලේ තමයි, මම මේ පර්චස් දහයේ ඩම ගත්තේ. ඒ කාලේ පර්චස් එකක් රු. 25 000ට ගත්තේ.

එතකොට ප්‍රශ්නයක් එනවා මොකක්ද ඉටිකොළ ගහගෙන හිටියේ කියලා. ඒ නිවසට සිමෙන්ති කොට්ට එකක් දෙකක් හැර ඉතිරි සියල්ල ඇනුවේ මගේ මේ අතින්.”

මාධ්‍ය හමුවක් කැඳවමින් නි. අමාත්‍ය නලින් හේවගේ මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...