තෙල් බෙදුම්කරුවන්ට පිරවුම්හල් පවත්වාගෙන යාමට අපහසුතාවයක්

Date:

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට ලැබෙන 1.75%ක කොමිස් මුදලෙන් පිරවුම්හල් පවත්වාගෙන යාමට අපහසු බැවින් ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට ඉදිරියේදී සිදුවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඉන්ධන පිරවුම්හල් නඩත්තු කිරීමට සේවකයන්ගේ වැටුප් ගෙවීමට මෙම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් එම සංගමය කියා සිටියි.

බෙදුම්කරුවන් මෙම තත්ත්වය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැහැදිලි කිරීමට උත්සාහ කළ ද ඔවුන් එය වටහා ගැනීමට උනන්දු නොවූ බව ද මෙම සංගමයේ සාමාජිකයකුගෙන් කළ විමසුමකදී පුවත්පතකට පවසා තිබේ.

එබැවින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ අගමැතිනි හරිනි අමරසූරියට මෙම ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා ලිපි යොමු කර ඇත.

එපමණක් නොව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අනෙකුත් ඛනිජ තෙල් සැපයුම්කරුවන් රජය විසින් නියම කරන ලද උපරිම සිල්ලර මිලට ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කළද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි තරගකරුවන්ට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අඩු කොමිස් මුදලක් ගෙවා ඇති බවත්, එමගින් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ වියදමින් දැවැන්ත ලාභ උපයන බවත් බෙදුම්කරුවන් පෙන්වා දෙයි.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ගෙවනු ලබන කොමිස් මුදල ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වන බවත්, එයින් සියලු මූල්‍ය වියදම්, පරිපාලන වියදම්, සේවක වැටුප් සහ අගය එකතු කළ බදු (වැට්) ආදී බැඳීම් සපුරාලිය යුතු බවත් බෙදුම්කරුවන් පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කොමිස් මුදල අඩු කිරීම බොහෝ ඉන්ධන පිරවුම්හල් ව්‍යාපාරවලට දැඩි බලපෑමක් ඇති කර ඇති බව ද ඔවුන් අවධාරණය කරයි.

වත්මන් කොමිස් ව්‍යුහය නැවත සලකා බලා නිවැරැදි කරන ලෙස හෝ තරගකාරී ඛනිජ තෙල් සැපයුම්කරුවන් සමග පෙළගැසීමට ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අවසර දෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...