කංජිපානිගේ කුළී ඝාතක කල්ලියක් කොටු වෙයි.

Date:

කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට කඩාවැදී එහි ආරක්‍ෂක නිලධාරීන්ට ටී 56 අවිවලින් වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණ සිටි පාතාල සන්නද්ධ කණ්ඩායමක් කොල්ලුපිටිය පොලිසිය මගින් පෙරේදා (09දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා රැගෙන ආ ටී 56 අවියක්, ජීව උණ්ඩ 30ක් සහ මැගසින් එකක් ද පොලිසිය මගින් සොයාගෙන තිබේ. මෙම ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ විදේශගතව සැඟවී සිටි පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් විසින් බවද හෙළි කරගෙන ඇත.

ඉකුත් ජූලි මස 19 වැනිදා රාත්‍රී කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට කඩාවැදී එහි පැමිණීමට සිටි දෙමටගොඩ රුවන් නමැත්තා ඝාතනය කිරීමට පැමිණි පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු පන්නා දැමීමට එම සමාජ ශාලාවේ සිටි ආරක්‍ෂකයන් විසින් කටයුතු කර තිබිණි.එහිදී කුලී ඝාතකයෝ දෙදෙනා ප්‍රහාරය සඳහා රැගෙන ආ ටී 56 අවිය සහ ජීව උණ්ඩ තොගය ද අතහැර දමා පලා ගියහ. දෙමටගොඩ රුවන් ඝාතනය කිරීම වැළැක්වීමට කටයුතු කළ රාත්‍රී සමාජ ශාලාවේ ආරක්‍ෂකයන් මරා දැමීමට මෙම පාතාල කල්ලිය පැමිණ සිටි බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම ප්‍රහාරයට පැමිණි පාතාල සාමාජිකයන් 05 දෙනකු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිසිය සමත් විය.බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ නගරයේ පෙරේදා රාත්‍රී ක්‍රියාත්මක කළ ක්‍ෂණික සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු තරුණයන් දෙදෙනකු කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කිරීමට උත්සාහ කර ඇත.

ඒ අවස්ථාවේ එම තරුණයන් දෙදෙනා තමන් සතුව තිබූ බෑගය ද අතහැර දමා පලාගොස් තිබේ. පොලිස් නිලධාරීන් එම ගමන් බෑගය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී ටී 56 අවිය, ජීව උණ්ඩ සහ මැගසිනය සොයා ගැනීමට හැකි විය.පසුව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සිලෝගම මහතාගේ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මෙම ප්‍රහාරයට පැමිණි පාතාල සාමාජිකයන් 05 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.මෙම ප්‍රහාරයේ කුලී ඝාතකයා ලෙස කටයුතු කරන පුද්ගලයා පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...