ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ශ්‍රී ලාංකික පුද්ගලයන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ශ්‍රී ලංකාවේ සිදු වූ විවිධ අපරාධවලට සම්බන්ධ වූ අය වෙති. මෙම සැකකරුවන් තිදෙනා නීතිවිරෝධී මාර්ග ඔස්සේ පසුගිය වසරේ ඉන්දියාවට ඇතුළු වී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිලීප් හර්ෂණ, ඉරේෂ් හසන්ක සහ සුගත් සමින්දු යන පුද්ගලයන් ය.




