මත් වී යාල් දේවියට ගොඩ වූ නියාමකවරයාට වැඩ වරදී

Date:

රාජකාරී වෙලාවේ මත්පැන් පානයකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් යාල් දේවී දුම්රියේ ප්‍රධාන දුම්රිය නියාමකවරයා දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අද (25) පස්වරුවේ අනුරාධුරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය ප.ව. 2.40ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟාවී ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු මත්පැන් පානය කර සිටීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු අනුරාධපුරය පොලිසියට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, ඉන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

යාල් දේවී දුම්රියට වෙනත් නියාමකවරයෙකු යොදවා අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...