මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියා නාමල් ඉල්ලයි

Date:

වහාම නගරාධිපතිරු සහ නාගරික මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – නාමල් රාජපක්ෂ

මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටියි.මෙහිදී නාමල් රාජපක්ෂ විශේෂයෙන්ම නගර සභාවල නගරාධිපතිවරුන් හා නාගරික මන්ත්‍රීන්ට ප්‍රාදේශීය සභා සභාපතිවරු හා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදිය යුතු බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය

පසුගියදා ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස්පතිවරයාට තමාට ජීවිතාරක්ෂාවක් අවශ්‍ය බවට දන්වා සිටියත් අවශ්‍ය ආරක්ෂාව ලබානොදුන් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.තවද කෙනෙක් මිය ගියාට පසු ඔහුගේ අතීතක්‍රියාවන් ගැන පවසා එම ඝාතනය වසා ගැනීමට පොලිස් ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ සිදු කල කතාව පිළිබඳව තමා ඉතා කණස්සල්ලට පත්වූ බවද නාමල් රාජපක්ෂ පැවසීය.එදා වැලිගම සභාපතිවරයා තමන්ට ආරක්ෂාව ලබාදෙන මෙන් කළ ඉල්ලීම ඉටු කලානම් අදත් ඔහු ජීවතුන් අතර බව නාමල්‍ රාජපක්ෂ අවධාරණය කළේය.

යමක් සිදුවීමට පෙර පුර්වාරක්ෂාවීම සුදුසු බව ආණ්ඩුවට මතක් කර දෙන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.එමනිසා මහජන නියෝජිතයින්ට ආරක්ෂාව ලබාදෙන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.දවසේ වෙඩිල්ල නතර උණු බවට පොලිස් නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ප්‍රකාශ කළද ආණ්ඩුවේ අවශ්‍යතා වලට මෙම වෙඩි පත්තුවෙන බවට සැකයක් මතුවන බවද නාමල් රාජපක්ෂ පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...