ඉදිරියේදී රට පුරා සවස් කාලයේදී වැසි

Date:

ලබන සතිය වන විට දිවයින පුරා සවස් කාලයේදී වැසි ඇඳ හැලෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අජිත් විජේමාන්නගේ පැවැසීය.

මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි පවතින බවද ඔහු කීවේය.

අන්තර් මෝසම් තත්වය හේතුවෙන් මෙලෙස දිවයින පුරා වැසි ඇතිවන බවත්,පස්වරු 2.00 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන බවත් ඔහු කියා සිටියේය.

ඊයේ (01 වැනිදා) පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 ක කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කපුගොල්ලෑව ප්‍රදේශයෙනි.එම ප්‍රදේශයෙන් මිලි මීටර් 78 කට ආසන්න වර්ෂාපතන තත්වයක් වාර්තාවී තිබුණි.

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ ලින් සැළකියයුතු වර්ෂාපතන තත්වයක් වාර්තා වී නොතිබූ අතර,වැඩිම වර්ෂාපතන තත්වය වාර්තා තිබුණේ ඉඟිනියාගල ප්‍රදේශයෙනි.එම ප්‍රදේශයෙන් මිලි මීටර් 17 ක වර්ෂාපතනයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...