මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයන් පිළිබඳ විධිමත් විමර්ශනයක්

Date:

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට බලපා ඇති කරුණු පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව එම ප්‍රමාදය ආරම්භ වූ ආකාරය, ඊට බලපෑ පරිපාලනමය හා තාක්ෂණික කරුණු මෙන්ම අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් දින 45ක් තුළ ඉදිරිපත් කරන ලෙසත් කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ කාරක සභාවේදී මෙම උපදෙස් ලබා දීම සිදුකර තිබේ.

අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් කරුණු විමසූ කාරක සභාව, එයට හේතු, ආරම්භ වූ අවස්ථාව, ගත් පියවර සහ අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් හා සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ 2026 මාර්තු 10 පසුව ලියාපදිංචි කළ වාහන සඳහා දින 14ක් ඇතුළත අංක තහඩු ලබා දීම ආරම්භ කර ඇති බවය.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳවද සාකච්ඡා වූ අතර, දැනට මුද්‍රණය සඳහා පවතින බලපත්‍ර ප්‍රමාණය 678,000ක් පමණ වන අතර දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 4,600ක් පමණක් බැවින් පසුබෑම තවදුරටත් වර්ධනය වන බව නිලධාරීහු පැවසූහ.

එය කඩිනමින් විසඳීම සඳහා ඔක්තෝබර් 15 වැනිදා වන විට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ස්ථාපනය කර දෛනික ධාරිතාව බලපත්‍ර 8,200ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද ඔවුන් සඳහන් කළහ.

මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය උපකරණ හා තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඉදිරියේදී මෙවැනි ප්‍රමාදයන් වැළැක්වීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.

දෙපාර්තමේන්තුවේ පරිපාලන කාර්යක්ෂමතාව, පුරප්පාඩු, ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීම සහ මහජන සේවා සැපයීමේදී සිදු වන අනවශ්‍ය ප්‍රමාදයන් වැළැක්වීම පිළිබඳව ද කාරක සභාව කරුණු විමසීය.

එමෙන්ම, දෙපාර්තමේන්තුවේ පරිපාලන කාර්යක්ෂමතාව, පවතින පුරප්පාඩු, ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීම සහ මහජන සේවා සැපයීමේදී සිදු වන අනවශ්‍ය ප්‍රමාදයන් වැළැක්වීම සම්බන්ධයෙන් ද කාරක සභාව කරුණු විමසීය.මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට බලපා ඇති කරුණු පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව එම ප්‍රමාදය ආරම්භ වූ ආකාරය, ඊට බලපෑ පරිපාලනමය හා තාක්ෂණික කරුණු මෙන්ම අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් දින 45ක් තුළ ඉදිරිපත් කරන ලෙසත් කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ කාරක සභාවේදී මෙම උපදෙස් ලබා දීම සිදුකර තිබේ.

අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් කරුණු විමසූ කාරක සභාව, එයට හේතු, ආරම්භ වූ අවස්ථාව, ගත් පියවර සහ අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් හා සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ 2026 මාර්තු 10 පසුව ලියාපදිංචි කළ වාහන සඳහා දින 14ක් ඇතුළත අංක තහඩු ලබා දීම ආරම්භ කර ඇති බවය.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳවද සාකච්ඡා වූ අතර, දැනට මුද්‍රණය සඳහා පවතින බලපත්‍ර ප්‍රමාණය 678,000ක් පමණ වන අතර දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 4,600ක් පමණක් බැවින් පසුබෑම තවදුරටත් වර්ධනය වන බව නිලධාරීහු පැවසූහ.

එය කඩිනමින් විසඳීම සඳහා ඔක්තෝබර් 15 වැනිදා වන විට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ස්ථාපනය කර දෛනික ධාරිතාව බලපත්‍ර 8,200ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද ඔවුන් සඳහන් කළහ.

මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය උපකරණ හා තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඉදිරියේදී මෙවැනි ප්‍රමාදයන් වැළැක්වීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.

දෙපාර්තමේන්තුවේ පරිපාලන කාර්යක්ෂමතාව, පුරප්පාඩු, ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීම සහ මහජන සේවා සැපයීමේදී සිදු වන අනවශ්‍ය ප්‍රමාදයන් වැළැක්වීම පිළිබඳව ද කාරක සභාව කරුණු විමසීය.

එමෙන්ම, දෙපාර්තමේන්තුවේ පරිපාලන කාර්යක්ෂමතාව, පවතින පුරප්පාඩු, ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීම සහ මහජන සේවා සැපයීමේදී සිදු වන අනවශ්‍ය ප්‍රමාදයන් වැළැක්වීම සම්බන්ධයෙන් ද කාරක සභාව කරුණු විමසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...