යුක්‍රේනයේ තට්ටු නිවාස දෙකකට රුසියානු ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර

Date:

යුක්‍රේනයේ බටහිර ටර්නොපිල් නගරයේ තට්ටු නිවාස දෙකකට අද (19) එල්ල කළ රුසියානු ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාරය මගින් ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එලෙසම Lviv සහ Ivano යන බටහිර කලාප දෙකට සහ උතුරු නගරයේ කාර්කිව් හි දිස්ත්‍රික්ක තුනක් ඉලක්ක කරගත් ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබා ඇති අතර ගොඩනැගිලි සහ මෝටර් රථ විශාල ප්‍රමාණයක් ගිනිගෙන ඇති බව සඳහන් වෙයි.

මේ හේතුවෙන් රට පුරා කලාප ගණනාවකට විදුලිය විසන්ධි වීම සිදුව ඇති බව යුක්‍රේනයේ බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාව ඩ්‍රෝන යානා 470 කට වැඩි ප්‍රමාණයක් සහ මිසයිල 47 ක් එල්ල කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල...

පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක සොරකමක්

පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව...

ළමා හිංසන සම්බන්ධ පැමිණිලි ඉහළට

ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා...

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp දැමූ තරුණයාට වැඩ වරදී

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය...