දේශීය ආයුර්වේදය දැඩි අර්බුදයක

Date:

දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඖෂධ ශාක වර්ග නොමැතිකමින් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ආයුර්වේද ඖෂධ සංස්ථාව පවසයි.

එහි සභාපති ගීතාමනී කරුණාරත්න මහත්මිය සඳහන් කළේ, සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ටද ඇනවුම් ලබාදීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවය.

ඒ සම්බන්ධ වැඩිදුර අදහස් දැක්වූ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ගීතාමනී කරුණාරත්න මහත්මිය,

“ශ්‍රී ලංකාව පුරා පිහිටා තිබෙන සියලුම ආයුර්වේද රෝහල්, ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා, නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා සඳහා ආර්යුවේද ඖෂධ නිෂ්පාදනය කරන්නේ අප ආයතනයෙන්. අපි වාර්ෂික ඖෂධ නිෂ්පාදනය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කරනවා ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග අනුගමනය කරමින්. ඒ අනුව, අපිට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ඖෂධ, අමු ඖෂධ හෝ වියළි ඖෂධ ලබාදෙන්නේ, මේ අපි ලියාපදිංචි කරන සැපයුම්කරුවන්ට.

නමුත් මේ වනවිට එම ලියාපදිංචි කරන ලද සැපයුම්කරුවන්ට සැපයිය නොහැකි ඖෂධ ප්‍රමාණයක් තියෙනව‍ා. මේ ඖෂධ අපේ ඖෂධ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ. මේ ඖෂධ වර්ග තමයි කෝමාරිකා, කිරාත, රණවරා පොතු, මාර පොතු, අමු හාතවාරිය අල, වියළි දැත්ත අල, අමු වේලා කොළ, වේලා ශාකයෙන් ගන්නෙ. අමු වේලා ශාකය තමයි අපිට ඕනි.

දැන් අපේ සැපයුම්කරුවන්ට ලබා දීමට නොහැකි මෙම ඖෂධ සැපයීමට ඔබට යම් කිසි හැකියාවක් තියෙනවානම් ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාව සම්බන්ධීකරණය කරන්න. අපි එම ඖෂධවල ප්‍රමිතිය හා ගුණාත්මක තත්ත්වය පරික්ෂා කරලා මිලදී ගැනීමේ කටයුතු කරන්න පුළුවන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට

මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය...

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...

දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...