අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

Date:

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සුළු පහළ යාමක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත අනුව, අගෝස්තු මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 191,704ක් වන අතර, එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 3.3%ක පහළ යාමකි.

අගෝස්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 47,253ක්.

එමෙන්ම එක්සත් රාජධානියෙන් සංචාරකයින් 19,588ක්, චීනයෙන් 12,321ක් සහ ජර්මනියෙන් 11,405ක් අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ අනුව, 2026 ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,535,122ක් ලෙස වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...