තායිලන්තයේ සත්ව උද්‍යානයක සිටි ව්‍යාඝ්‍රයින් 70කට අධික සංඛ්‍යාවක් හදිසියේ මියයයි

Date:

උතුරු තායිලන්තයේ චියැං මායි නගරයේ පිහිටි සුප්‍රකට සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වූ ‘Tiger Kingdom’ සත්ව උද්‍යානයේ සිටි ව්‍යාඝ්‍රයින් 70කට අධික සංඛ්‍යාවක් සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මිය ගොස් තිබේ.

මේ සම්බන්ධයේ විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වේ.

වාර්තා වන අන්දමට Tiger Kingdom ආයතනයට අයත් මධ්‍යස්ථාන දෙකක සිටි ව්‍යාඝ්‍රයින් 72ක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

සංචාරකයින්ට ව්‍යාඝ්‍රයින් ස්පර්ශ කිරීමට සහ ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන මෙම උද්‍යාන තුළ සතුන් 240කට අධික පිරිසක් රඳවා සිටි බව පැවසේ.

එරට ජාතික පශු සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ, “සතුන් රෝගී වී ඇති බව අප හඳුනා ගන්නා විටත් ප්‍රමාද වැඩි වී තිබුණා,” යනුවෙනි.

බළලුන් හෝ සුනඛයින් වැනි සතුන්ට සාපේක්ෂව ව්‍යාඝ්‍රයින්ගේ රෝගී තත්ත්වයන් කල්තියා හඳුනාගැනීම අසීරු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පශු සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම සතුන් මියගොස් ඇත්තේ Canine Distemper Virus (CDV) නම් අතිශය බෝවන වෛරසය වැළඳීමෙන් බවයි.

සුනඛයන් අතර පැතිරෙන මෙම වෛරසය සතුන්ගේ ශ්වසන, ආමාශ ආන්ත්‍රික සහ ස්නායු පද්ධතීන්ට දැඩි ලෙස හානි කරන බව සඳහන් වේ.

මෙය ව්‍යාඝ්‍රයින් වැනි වන සතුන්ට වැළඳුණු විට මාරාන්තික විය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

මියගිය සතුන්ගේ දේහයන් දැනටමත් ආදාහනය කර මිහිදන් කිරීමට පියවර ගෙන ඇත.

මෙම සිද්ධියත් සමඟ Tiger Kingdom උද්‍යානය සති දෙකක කාලයකට තාවකාලිකව වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...