විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ආයතන දෙකකින් කෝටි 31ක පොල්ලක්

Date:

ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පුද්ගලික සමාගමක් වෙත නිකුත් කළ ගුවන් විදුලි සංඛ්‍යාත සදහා අයවිය යුතු රුපියල් දාහත්කෝටි විසිපන්ලක්ෂයක (172,500,000) මුදල ගෙවිම එම සමාගම විසින් පැහැර හැර ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

එමෙන්ම ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින්ද රුපියල් දාහතරකෝටි,පනස්දෙලක්ෂ,පනස්හතරදහස්හාරසිය හතලිස්නමයක (145,254.449) මුදලක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ගෙවිය යුතුව ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.එම මුදල අයකර ගැනිම සදහා නිතිපති දෙපාර්තමේන්තුවට යොමුකොට ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පෙන්වාදෙයි.

යම්ගාස්තුවක් ගෙවනු ලැබු විට පමණක් සේවා සැපයිය යුතු වුවත් මුදල් ලැබමට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සේවා සැපයිම හේතුවෙන් මෙම තත්ත්වය උදාවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...