ඉන්දියාව ‍සීනි අපනයනය අත්හිටුවීමට තීරණය කරයි

Date:

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රකාශකයකු සඳහන් කළේ බ්‍රසීලය, තායිලන්තය යන රටවලින් සහ යුරෝපා රටවලින් සීනි ආනයනය කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමුව ඇති බවය.

පසුගිය 15වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සීනි අපනයනය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ලබන සැප්තැම්බර් 30 වන දින දක්වා එම අත්හිටුවීම සිදු කර ඇති බව වාර්තා වේ.

මෙරටට වැඩි වශයෙන් සීනි ආනයනය කිරීම ඉන්දියාවෙන් සිදු වූ අතර මෙම තහනමත් සමග වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් මේ වන විට ප්‍රමාණවත් තරම් සීනි තොග රට තුළ පවතින අතර කඩිනමින් නව තොග ආනයනය කිරීමට සැලසුම් කර ඇති බැවින් වෙළෙඳපොලේ සීනි හිඟයක් ඇති නොවන බව එම සංගමය සඳහන් කර සිටී.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට වෙළදපලේ සීනි මිලෙහි යම් වැඩි වීමක් සිදුව ඇති අතර එය ඉන්දියාව විසින් සීනි අපනයනය අත්හිටුවීම හේතුවෙන් සිදුවූවක් නොවන බව ද අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...

ජලය නොමැතිව බදුල්ලේ 8000කට අධික පිරිසක් පීඩාවට

එල්නිනෝ බලපෑමට ලක්ව ජල උප්පත් සිඳී යාම හේතුවෙන් බදුල්ල...

22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...