තෙවැනි පාසල් වාරයේ ඉදිරි දින සඳහා පාසල් සිසුන්ගේ පහසුව සැලසීමට අමතර දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 4ක්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 3ක්, පුත්තලම සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 1 බැගින් යෙදවීමට කටයුතු යොදා තිබේ.





