බලපත්‍ර නොමැතිව බීර විකුණු පිරිසකට වැඩ වරදී

Date:

මාතර හිරිකැටිය හා ගාල්ල අහංගම යන ප්‍රදේශ වල සුරාබදු බලපත්‍ර නොමැති ස්ථානවල සවිකර තිබූ බීර විකිණිමේ මැෂින් (KEG MACHINE) කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සිදුකළ වැටලීමකදී සිය භාරයට ගෙන තිබේ.

මෙහිදි විවිද බීර සඳහා වෙන වෙනම ටැප් සවිකර බියර් විකිණීම සිදුකර තිබූ බව එම නිලධාරීන් පවසයි.

බීර අඩංගු KEG විශාල ප්‍රමාණයක් හා බීර වීදුරු ගණන් ලබාදෙන මැෂින් 04ක්, එයට සවිකර තිබූ cO2 සිලින්ඩරයක්, රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනාකමින් යුතු බීර සහ ඒවා විකිණීමට යොදා ගන්නා උපකරණ තොගයක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සිය භාරයට ගෙන ඇත.

බලපත්‍ර නොමැති ස්ථාන සඳහා මෙම බීර සහ අදාළ උපකරණ ලැබී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ද විමර්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති බව එම නිලධාරීන් පවසයි.

මේ අතර අදාළ වෙළෙඳසැල්වල අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඇපමත නිදහස් කර ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව සඳහන් වේ.

සුරා බදු කොමසාරිජනරාල් M.B.N.A.පේමරත්න මහතා, නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරිම්) තිස්ස කුමාර රාජපක්ෂ මහතා සහ නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් (ආදායම්) එම්. ජයන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරි පී.එන් හේමන්ත මහතා, ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ජයකොඩි මහතා,සුරාබදු පරීක්ෂකවරුන් වන නිශාන්ත, ඩයස් , ජයවීර යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...