සිංගප්පූරු විපක්ෂ නායකවරයා ධූරයෙන් නෙරපයි

Date:

සිංගප්පූරුවේ විපක්ෂ නායක ප්‍රීතම් සිං ධුරයෙන් ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට නීති සම්පාදකයින්ගේ ඡන්දයෙන් පසුව සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුගේ විපක්ෂ නායක ධුරය මෙලෙස ඉවත් කර ඇත.

පාර්ලිමේන්තු කමිටුවකට පැමිණ දිවුරුම් දී අසත්‍ය තොරතුරු පැවසීම සම්බන්ධයෙන් වරදකරු වීමෙන් පසුව ඔහුගේ ධුරය මෙලෙස ඉවත් කර ඇත.

කෙසේ නමුත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ කම්කරු පක්ෂය වන විපක්ෂයේ මහලේකම් ධුරය දිගටම පවතින නමුත් අමතර දීමනා සහ පාර්ලිමේන්තු විවාද අතරතුර පළමු පිළිතුරු දීමේ අයිතිය වැනි වරප්‍රසාද ඔහුට අහිමි වනු ඇති බවත් සිංගප්පූරු මාධ්‍ය වාර්තා කර ඇත.

පැය තුනක විවාදයකින් පසුව සිං විපක්ෂ නායක ධුරයට පත් නෙවිය යුතු බවට එකඟ වූ යෝජනාවකට පාර්ලිමේන්තුව විසින් සහාය දක්වා ඇති නමුත් කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනා මීට විරුද්ධව ඡන්දය භාවිත කර ඇති බවත් එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

මෙම නඩුවට පාදක වී ඇත්තේ 2021 වසරේදී සිංගප්පූරුවේ බටහිර පළාත් නීති සම්පාදක රායිසා ඛාන් විසින් පාර්ලිමේන්තුවේදී ලිංගික අතවරයකට ලක් වූ කාන්තාවකට පොලීසිය අයුතු ලෙස හැසිරෙන ආකාරය තමන් දුටු බව ප්‍රකාශක කිරීමත් සමගය.

පසුව ඇය තම කතාව සත්‍ය නොවන බව පිළිගෙන ඇති අතර පාර්ලිමේන්තු කමිටු විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ සිං ඇතුළු පක්ෂයේ නායකයින් විසින් මෙම අසත්‍ය කරුණ දැන සිටියද එය දිගටම සිදුකරගෙන යන ලෙස ඇයට උපදෙස් ලබා දී ඇති බවය.

පසුව ඛාන් පක්ෂයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී ඇති අතර අසත්‍ය ප්‍රකාශ කිරීම සහ පාර්ලිමේන්තු වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඇයට දඩ නියම කිරීමටද පියවර ගෙන ඇත.

ඛාන්ගේ නඩුව විභාග කිරීමේදී පාර්ලිමේන්තු කමිටුවට පැමිණ දිවුරුම් දී බොරු කීම සම්බන්ධයෙන් සිංට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කරනු ලැබීය. එහිදී පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඔහු වැරදිකරු බවට අධිකරණය තීරණය කර ඩොලර් දහස් ගණනක දඩයක් ද නියම කරනු ලැබීය.

නමුත් නඩුව පුරාවට තමන් නිර්දෝෂී බව පැවසූ සිං පවසා ඇත්තේ සංවේදී කාරණයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඛාන්ට කාලය ලබා දීමට තමාට අවශ්‍ය වූ බවය.

කෙසේ නමුත් නඩුවෙන් වරදකරු වූ ඔහු වැරදිකරු බවට පත් කිරීමට එරෙහිව කළ අභියාචනයක්ද පරාජයට පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...