සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට සජිත් ඉන්දියාවේ සහාය පතයි

Date:

මෙරට රෝහල් පද්ධතියේ පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා ඉන්දීය රජයේ සහය ලබාදෙන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා හමුවී ඉල්ලීමක් කළේය.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදීය.

ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය හරහා දශක ගණනක් පුරා නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදීම සිදු වුවද, වර්ථමානයේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ වර්ග බොහෝමයක පවතින හිඟය, ඉන් සේවය ලබන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

ඇතැම් ඖෂධ පෞද්ගලික අංශය හරහා පමණක් ලබාගත හැකි වාතාවරණයක් උදාවී ඇති බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, රජයේ රෝහල් මුහුණ දෙන එම අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට උපරිම සහය ලබාදෙන ලෙසත්, ඉන්දියාව ලබාදෙන එම සහයෝගය ගෞරවයෙන් පිළිගන්නා බවත් කියා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඉන්දීය රජය පසුගිය සමයේ දැක්වූ දායකත්වය පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළ කර සිටියේය.

විශේෂයෙන්ම 2016 වසරේ දී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් දියත් කරන ලදි1990 – සුව සැරිය’ ගිලන් රථ සේවාව පිළිබඳ සිහිපත් කළ විපක්ෂ නායකවරයා එම සේවාව හඳුන්වාදීම හරහා දිවයින පුරා හදිසි වෛද්‍ය ප්‍රතිචාර ක්‍රමවේදය ශක්තිමත් වූ බවත්, එය “ජීවිතාරක්ෂක හවුල්කාරිත්වයක්” ලෙස හඳුන්වා දිය හැකි බවත් පැවසීය.

මහජන සෞඛ්‍යය වැඩි දියුණු කිරීම, ඖෂධ සහයෝගීතාව පුළුල් කිරීම සහ හිඟයකින් තොරව සැමට අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම සහතික කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා අතර මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...