බන්ධනාගාරවල තදබදයක්

Date:

බන්ධනාගාරගත වන රැඳවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදි කිරීමට සැලසුම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි .

ඒ බන්ධනගාරගත වන පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළයාම හේතුවෙන්.

දිවයින පුරා අඛණ්ඩව සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව දිවයින පුරා බන්ධනගාරවල රැදවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 10350ක් බවයි වාර්තා වන්නේ.

නමුත් මේ වන විට 37 000කට ආසන්න පිරිසක් බන්ධනගාරවල රඳවා තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතරින් වැඩි පිරිසක් 30 – 40 අතර වයස්වල පසුවන පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.

මේ අතර බූස්ස බන්ධනාගාරයේ ලොකු පැටී රඳවා සිටින කුටියේ තිබී ජංගම දුරකථනයක්ද සොයා ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමකදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් මිල පහළට

මෙරට රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දින...

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...