ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයට කැබිනට් අනුමැතිය

Date:

‘ප්‍රජා ශක්ති’ දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ 2026 වර්ෂය තුළ ව්‍යාපෘති අනුමත කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වර්ෂ 2030 වන විට 2025 වර්ෂයට සාපේක්ෂව බහුමාන දරිද්‍රතාවය ඒකක පහකින් අඩු කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රජා ශක්ති’ දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, සමාජ පරිසරය, ආහාර සුරක්ෂිතතාව, මානව සම්පත් සංවර්ධනය, රැකවරණය, නිෂ්පාදන ආර්ථිකය සහ සැපයුම් ජාල හා ප්‍රවේශය යන ප්‍රධාන ක්ෂේත්‍ර 6 යටතේ ප්‍රජා සංවර්ධන සභා හරහා ලබාගනු ලබන ව්‍යාපෘති යෝජනා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල නිර්දේශ සහිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එලෙස හඳුනාගනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2026 වර්ෂයේ අයවැය මඟින් රුපියල් බිලියන 25 ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇත. ඉන් රුපියල් බිලියන 23ක් දිස්ත්‍රික් මට්ටමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, ඉතිරි රුපියල් බිලියන 02 ක ප්‍රතිපාදන ජාතික මට්ටමේ මධ්‍ය පරිමාණ ව්‍යාපෘති සහ පුහුණු හා පර්යේෂණ කටයුතු සඳහා යොදා ගැනීමටත් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, හඳුනාගනු ලබන ව්‍යාපෘති අනුමත කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වන පරිදි, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව එක්ව සකස් කරනු ලැබ ඇති මාර්‌ගෝපදේශ අනුගමනය කිරීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...