කුෂ් සහ හෂීස් සමඟ කටුනායකදී සැකකරුවෙකු අත්අඩංගුවට

Date:

කුෂ් සහ හෂීස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්ය.

සැකකරු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 590ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 910ක් පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...

බද්ධ නිවුන් දියණියන් දෙදෙනා සාර්ථකව වෙන් කල ඓතිහාසික ශල්‍යකර්මයක්

මෙරට සෞඛ්‍ය සේවාව සතු විශේෂඥ දැනුම, අතිනවීන වෛද්‍ය තාක්ෂණය,...

උප දුම්රිය ස්ථාන දෙකක් තාවකාලිකව වැසෙයි

පුත්තලම් මාර්ගයේ බංගදෙණිය හා මුන්දල් දුම්රිය ස්ථාන අතර පිහිටි...