මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් පිරිසක් නාවික හමුදා භාරයට

Date:

නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 13 දෙනෙකු කිලිනොච්චි වලෙයිපාඩු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින්, කිලිනොච්චි වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ ඊයේ (19) අලුයම් කාලයේ‍ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම පිරිස කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටිය දී සිය භාරයට ගෙන ඇත්තේ මුහුදු කූඩැල්ලන් 1,108ක පමණ තොගයක් සමගිනි.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබූ කිමිදුම් උපකරණ සහ ඩිංගි යාත්‍රා 4ක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 29 ත් 67 ත් අතර වයසේ පසුවන මන්නාරම, පල්ලිමුනේ, තොට්ටවේලි, සවුද්බාර් සහ එළුතූර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ.

එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා කිලිනොච්චි සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...