මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් පිරිසක් නාවික හමුදා භාරයට

Date:

නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 13 දෙනෙකු කිලිනොච්චි වලෙයිපාඩු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින්, කිලිනොච්චි වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ ඊයේ (19) අලුයම් කාලයේ‍ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම පිරිස කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටිය දී සිය භාරයට ගෙන ඇත්තේ මුහුදු කූඩැල්ලන් 1,108ක පමණ තොගයක් සමගිනි.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබූ කිමිදුම් උපකරණ සහ ඩිංගි යාත්‍රා 4ක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 29 ත් 67 ත් අතර වයසේ පසුවන මන්නාරම, පල්ලිමුනේ, තොට්ටවේලි, සවුද්බාර් සහ එළුතූර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ.

එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා කිලිනොච්චි සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...